19th April 2026
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුව විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා ක්‍රිකට් තරඟාවලිය - 2026 හි අවසන් තරඟ සහ ත්‍යාග ප්රදානෝත්සවය පනාගොඩ, යුද්ධ හමුදා ක්‍රීඩාංගණයේදී 2026 අප්‍රේල් මස 11 වන දින පවත්වනු ලැබීය. 2026 මාර්තු මස 02 වන දින ආරම්භ වූ මෙම තරඟාවලිය සඳහා විස්සයි විස්ස තරඟ , පන්දු වාර 50 ‘ඒ’ කාණ්ඩයේ සහ ‘බී’ කාණ්ඩයේ තරඟයන් ඇතුළත් වූහ.
එම උත්සව අවස්ථාව යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.එන්. විජේකෝන් ndc AATO ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
විස්සයි විස්ස කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවත් අනුශූරතාවය ගජබා රෙජිමේන්තුවත් හිමිකර ගත් අතර, බොම්බොඩියර් එම්.ජේ.එස්. පෙරේරා විසින් තුන් ඉරියව් දක්ෂතා දක්වමින් තරඟාවලියේ සහ අවසන් තරඟයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගන්නා ලදී.
පන්දු වාර 50 ‘ඒ’ කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය විසින් හිමිකර ගත් අතර, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් අනුශූරතාවය හිමිකර ගන්නා ලදී. එම කාණ්ඩයේ වීරයා ලෙස සාමාන්‍ය සෙබල කේ.ඒ.එස්. දෙව්තිලින සම්මාන හිමිකර ගනු ලැබීය.
පන්දු වාර 50 ‘බී’ කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය විසින් හිමිකර ගත් අතර, ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් අනුශූරතාවය හිමිකර ගන්නා ලදී. එම කාණ්ඩයේ වීරයා ලෙස සාමාන්‍ය සෙබල එම්.එම්.එච්.සී. හේරත් සම්මාන හිමිකර ගනු ලැබීය.