13th May 2026
ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික නවකයන්ගේ බොක්සිං තරගාවලිය, 2026 මැයි මස 04 දින සිට 08 දින දක්වා දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි බොක්සිං ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජ 20ක් නියෝජනය කරමින් පිරිමි ක්‍රීඩකයන් 92ක් සහ කාන්තා ක්‍රීඩිකාවන් 42ක් සහභාගී වූහ. එහිදී බර පන්ති 10ක් යටතේ තරග වැදුණු යුද්ධ හමුදා පිරිමි කණ්ඩායම, රන් පදක්කම් 05ක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 05ක් දිනා ගැනීමට සමත් විය.
යුද්ධ හමුදා බොක්සිං කණ්ඩායමේ සභාපති මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලේකුඹුර RWP RSP ndu psc මගපෙන්වීම යටතේ යුද්ධ හමුදා බොක්සිං කණ්ඩායම මෙම විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරන ලදී.