29th April 2026
චීනයේ සන්යා හිදී 2026 අප්‍රේල් මස 22 දින ආරම්භ වී 30 වන දින අවසන් වීමට නියමිත 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල - 2026 සඳහා සහභාගී වූ මෙරට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුවිශේෂී දක්ෂතා දක්වනු ලැබූහ. යුද්ධ හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් බී.ජී.එස්. ප්‍රනාන්දු USP Hdmc psc අධීක්ෂණය යටතේ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟාවලියට සහභාගී වූහ.
එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපී පෙනෙන ජයග්‍රහණ කිහිපයක් පහත පරිදි වේ.
දුර පැනීමේ ඉසව්වෙන් 2 වන ස්ථානය - 8 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබල අයි.එස්.ඩබ්ලිව්. ආරච්චි
දුර පැනීමේ ඉසව්වෙන් 3 වන ස්ථානය - 2 (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කාර්මික සෙබල ජේ.එස්. මිරැන්ඩා
පිරිමි මීටර් 4 × 60 සහය දිවීමේ ඉසව්වෙන් 3 වන ස්ථානය - 7 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ ලාන්ස් කෝප්රල් ඩී.ඩී.එස්. දියලවත්ත
පිරිමි මීටර් 4 × 60 සහය දිවීමේ ඉසව්වෙන් 3 වන ස්ථානය - 1 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්රල් එන්.එම්.පී.පී. සිල්වා
පිරිමි මීටර් 4 × 60 සහය දිවීමේ ඉසව්වෙන් 3 වන ස්ථානය - 2 (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.එම්.කේ. තමෙල්
(ඡායාරූප අනුග්‍රහය: www.sporty.lk)