8th May 2026
Commonwealth Youth/Junior Championships & Universal Cup - 2026 තරඟාවලිය 2026 අප්‍රේල් මස 25 දින සිට මැයි මස 02 දක්වා සැමෝවාහි එපියා නුවරදී පවත්වනු ලැබූ අතර, එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් දිනා ගනු ලැබීය.
යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ආධුනික කාන්තා සෙබල ආර්.එල්.එස්.ආර්. ලක්සරනි කිලෝග්‍රෑම් 53 බර පන්තියෙන් ලෝකඩ පදක්කම දිනා ගත් අතර, 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ආධුනික සෙබල ආර්.ඩබ්ලිව්.එම්. රශ්මිත කිලෝග්‍රෑම් 60 බර පන්තියෙන් ලෝකඩ පදක්කම දිනා ගත්හ.