ආසියානු විසි කිරීමේ ශූරතාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කම් දිනා ගනී

2026 මැයි මස 03 දින කොරියානු සමූහාණ්ඩුවේ මොක්පෝ හි පැවති ආසියානු විසිකිරීමේ ශූරතාවලියේදී 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලලත් නිලධාරී I එච්.එල්.එන්.ඩී. ලේකම්ගේ සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කෝප්‍රල් ආර්.ඒ.එස්.ජේ. රණසිංහ කාන්තා හා පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වලින් රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.

බලලත් නිලධාරී I එච්.එල්.එන්.ඩී. ලේකම්ගේ මීටර් 56.79 ක දක්ෂතාවයක් දක්වමින් මෙවර තරඟ වාරයේ ඇයගේ හොඳම දුර වාර්තා කර දෙවන ස්ථානය දිනාගත් අතර, කෝප්‍රල් ආර්.ඒ.එස්.ජේ. රණසිංහ ද මීටර් 76.95 ක දුරක් වාර්තා කරමින් ඔහුගේ හොඳම විසිකිරීම සමඟින් දෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.