2025-12-15
යුද්ධ හමුදා භටපිරිස් විසින් සොයාගත් හඟුරන්කෙත ප්‍රදේශයේ නායයෑමෙන් විපතට පත් වූවන්ගේ වටිනා භාණ්ඩ ඔවුන් වෙත භාරදෙයි 2025-12-15
642 පාබල බලසේනාව යටතේ සේවයේ නියුතු හඟුරන්කේත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව ආපදා සහන සේවා රාජකාරි සඳහා යොදවා සිටි යුද්ධ හමුදා භටපිරිස් විසින් නාය යාමකින් සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවසක හිමිකරු වෙත ඔහුට අයත් පුද්ගලික බඩු බාහිරාදිය තොගයක් භාර දෙන ලදී.
භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 14 වන දින සිදුකරන ලද පිරිසිදු කිරීමේ සහ සෝදිසි කිරීම් මෙහෙයුම් වලදී, හානියට ලක් වූ එම නිවසේ තිබී රුපියල් 300,000.00 ක මුදල් සහ රුපියල් ලක්‍ෂ 50 ක් පමණ වටිනා ස්වර්ණාභරණ සොයා ගන්නා ලදී. සොයාගත් එම වටිනා භාණ්ඩ පසුව ප්‍රදේශවාසීන් ඉදිරියේදී අදාල හිමිකරු වෙත භාර දෙන ලදී.