21st December 2025
නත්තල් උත්සවයට සමගාමීව, අවිස්සාවේල්ල ශාන්ත මරියා දේවස්ථානයේ ගරු ටිරාන් පෙරේරා පියතුමන්ගේ ඉල්ලීමකට අනුව, එම දේවස්ථානයේ තීන්ත ආලේප කිරීම සහ වතුර ටැංකිය අලුත්වැඩියා කොට ජල නල පද්ධතියක් එළීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ භට පිරිස් විසින් ශ්‍රමදායකත්වය ලබාදෙන ලදී. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු 2025 නොවැම්බර් මස 27 දින සිට දෙසැම්බර් මස 18 දින දක්වා සිදු කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps ගේ මඟපෙන්වීම යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද එම දේවස්ථානය, 2025 දෙසැම්බර් මස 18 දින නැවත දේවස්ථාන බලධාරීන් වෙත නිල වශයෙන් පවරා දෙන ලදී.
අනතුරුව, කතෝලික බැතිමතුන් වෙනුවෙන් ගරු ටිරාන් පෙරේරා පියතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව විසින් ලබා දුන් සහයෝගය අගයමින් සිය කෘතඥතාව පළ කරන ලදී. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ කතෝලික බැතිමතුන් පිරිසක් සහභාගී වූහ.