21st December 2025
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොඩ්රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 දෙසැම්බර් මස 20 දින දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී අභිමානවත් පවුර නිල වශයෙන් විවෘත කරන ලදී.
මෙම පවුර තුළ ජෙනරල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ්‍රාමික) WWV RWP RSP VSV USP ndc සිට වත්මන් යුද්ධ හමුදාධිපති දක්වා හිටපු යුද්ධ හමුදාපතිවරුන්ගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ කෙඩෙට් නිලධාරීන් ලෙස ඔවුන්ගේ ආරම්භක අවධියේදී ගන්නා ලද දුර්ලභ නිල ඡායාරූප සමඟින් කීර්ති නාමය නිරූපණය කරයි. මෙම ඡායාරූප මඟින් විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් ලෙස තම යුද්ධ හමුදා ජීවිතය ආරම්භ කර පසුව යුද්ධ හමුදාධිපති තනතුර දක්වා උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සිය වෘත්තීය ගමන පිළිබිඹු කරයි.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.