3rd December 2025
වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ විශේෂ බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් WWV RWP RSP USP ndu psc 2025 දෙසැම්බර් මස 03 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.
විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ කෙටි විස්තරයක් පහතින් දැක්වේ:
1990 ජුලි මස 14 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 34 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් WWV RWP RSP USP ndu psc ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1992 ජුනි මස 06 දින ගැමුණු හේවා බලකාය වෙත අනුයුක්ත කෙරිණි. පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි 1992 ජුනි මස 20 දින විශේෂ බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 අගෝස්තු මස 19 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 දෙසැම්බර් මස 12 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ විශේෂ බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරය හෙබවීය.
මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් WWV RWP RSP USP ndu psc, 1 රෙජිමේන්තු විශේෂ බලකායේ ඛණ්ඩ භාර නිලධාරී, 1 රෙජිමේන්තු විශේෂ බලකායේ බුද්ධි නිලධාරී, 1 රෙජිමේන්තු විශේෂ බලකායේ ‘සී’ බලඝණයේ දෙවන නිලධාරී අණදෙන, 1 රෙජිමේන්තු විශේෂ බලකායේ ‘සී’ බලඝණයේ නිලධාරී අණදෙන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ කෙඩෙටි නිලධාරි අංශයේ උපදේශක සහ මාණ්ඩලික නිලධාරී II (යුද පුහුණු), 2 රෙජිමේන්තු විශේෂ බලකායේ දෙවන අණදෙන නිලධාරී, විශේෂ බලකා බලසේනාවේ බලසේනා මේජර්, විශේෂ බලකා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක සහ 4 රෙජිමේන්තු විශේෂ බලකායේ අණදෙන නිලධාරී ඇතුළු ප්‍රධාන තනතුරු හෙබවීය.
එසේම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් හයිටියේ එක්සත් ජාතීන්ගේ ස්ථායිතාව ඇතිකිරීමේ මෙහෙයුමේ මාණ්ඩලික නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ පුහුණු අංශ ප්‍රධාන, යුද සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි I (2/3 ශ්‍රේණිය) සහ මාණ්ඩලික නිලධාරී I (විමර්ශන) විශේෂ බලකා පුහුණු පාසලේ අණදෙන නිලධාරී, විශේෂ බලකායේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, 144 පාබල බලසේනාවේ සහ විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති, සැලසුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක, 53 සහ 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති, සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති, 1 බලකායේ බලකාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ විශේෂ බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වැනි ධූරයන් ද හොබවන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ජ්‍යෙෂ්ඨ නිලධාරි සිදු කළ ආදර්ශමත් සේවය අගයමින් වීර වික්‍රම විභූෂණ පදක්කම (WWV), රණ වික්‍රම පදක්කම (RWP), රණ ශූර පදක්කම (RSP) තුන් වරක් සහ උත්තම සේවා පදක්කමෙන් (USP) පිදුම් ලබා ඇත.
එසේම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය සේවා කාලය තුළදී විශේෂ බලකා මූලික පාඨමාලාව, මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව, බලඇණි ආධාරක අවි පාඨමාලාව නිලධාරි, ඒකක පාලන පාඨමාලාව, පරිගණක පාඨමාලාව සහ අණ හා මාණ්ඩලික පාඨමාලාව ඇතුළු දේශීය පාඨමාලා රාශියක් හදාරන ලදී.
එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් කමාන්ඩෝ පාඨමාලාව සහ ශාරීරික අභ්‍යාස පුහුණු නිලධාරි පාඨමාලාව ඉන්දියාව, තරුණ නිලධාරී උපායික පාඨමාලාව - පාකිස්ථානය, කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව ඉන්දියාව, කැලෑබද සටන් පාඨමාලාව - මැලේසියාව, එක්සත් ජාතීන්ගේ හමුදා මාණ්ඩලික නිලධාරීන් සඳහා පුහුණු පාඨමාලාව - චීනය, එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරීන්ගේ පාඨමාලාව - ඕස්ට්‍රේලියාව සහ ජාතික ආරක්ෂක පාඨමාලාව - දකුණු කොරියාව වැනි විදේශීය පාඨමාලාද හදාරන ලදී.
ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයේ රාජ්‍ය තාන්ත්‍රික හා ලෝක කටයුතු පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් සම්පූර්ණ කර ඇත.