2nd December 2025
දිට්වා සුළි කුණාටුවෙන් පසු යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ගලවා ගැනීමේ සහ සහන සේවා මෙහෙයුම් සඳහා රු. 500,000.00 ක් වටිනා ආරක්ෂිත කබායන් තොගයක් 2025 නොවැම්බර් මස 30 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ටොයෝටා ලංකා පෞද්ගලික සමාගම විසින් යුද්ධ හමුදාව වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
මෙම සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා ඇති වූ ගංවතුර තත්ත්වයන් හා නායයෑම් වලින් අසරණ වී සිටින ජනතාව මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන මානූෂීය මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා මෙම ආරක්ෂිත කබායන් භාවිතා කරනු ලබන අතර, එමඟින් අධි අවධානම් තත්ත්වයන් යටතේ ආපදා මෙහෙයුම් කටයුතුවල නිරත වන යුද්ධ හමුදා භටපිරිස්වලට තම ආරක්ෂාව තහවුරුකර ගනිමින් එම මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂමව තවදුරත් සිදුකිරීමට හැකිවනු ඇත.
යුද්ධ හමුදාව වෙනුවෙන් මෙම ආරක්ෂිත කබායන් තොගය යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc විසින් භාරගන්නා ලදී.