යුද්ධ හමුදාධිපතිතුමන් නවතමයෙන් ඉදිකරන ලද නිවසක් යුද්ධ හමුදා සාමාජිකයෙකු වෙත භාරදෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, විසින් මඩකලපුව, සෙට්ටිපලම් ප්‍රදේශයේ නවතමයෙන් ඉදිකරන ලද නිවසක් යුද්ධ හමුදා සාමාජිකයෙකු වෙත 2026 මාර්තු 21 වන දින භාරදෙනු ලැබීය.

මෙම නිවාස 11 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලදී.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර RWP RSP ndu psc, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.