ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සහ පංති නායකයන් සඳහා නිල ලාංඡන පැළඳවීම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී බෝධිරාජ විද්‍යාලයේ සහ බෝධිරාජ පදනමේ නිර්මාතෘ අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ ආරාධනයකට අනුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 මාර්තු මස 31 දින ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සහ පංති නායකයන් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය.

උත්සව අවස්ථාවට පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව පාසල් තූර්ය වාදක කණ්ඩායම විසින් පිළිගන්නා ලදී. අනතුරුව, උත්සවය අතරතුරදී, එතුමන් විසින් නායකත්වයේ වගකීම් පවරා දීම සංකේතවත් කරමින් නව ශිෂ්‍ය නායක නායිකාවන් සහ පංති නායකයන් සඳහා නිල ලාංඡන පලඳවන ලදී.

පසුව, පිරිස අමතමින් නායකත්වයේදී විනය, අවංකභාවය සහ කැපවීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරමින් හරවත් දේශනයක් සිදුකරමින් එම සිසුන් හට තම අරමුණු කරා අධිෂ්ඨානයෙන් යුතුව ගමන් කිරීමටත්, ඔවුන්ගේ අධ්‍යාපනික මෙන්ම පෞද්ගලික කටයුතුවලදී වගකීම් සහගත නායකත්වයක වටිනාකම් සුරැකීමටත් දිරිමත් කරන ලදී.