23rd June 2025
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව 59 පාබල සේනාංකයේ මඟපෙන්වීම මත 592 පාබල බලසේනාවේ සම්බන්ධීකරණය යටතේ 14 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ඔඩ්ඩුසුඩාන්හි සිවම් කෝවිලෙහි වාර්ෂික උත්සවය සඳහා එම කෝවිල් පරිශ්‍රය 2025 ජුනි මස 21 දින පිරිසිදු කරන ලදී.
පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා එම ඒකකයේ භටපිරිස් වෙත ප්‍රදේශ වාසීන්ගේ සහ කෝවිල් සංවර්ධන කමිටුවේ සාමාජිකයින්ගේ ද සහයෝගය හිමිවිය. එමගින් ආගමික උත්සවයට සහභාගී වීමට පැමිණෙන බැතිමතුන් සඳහා පිරිසිදු සහ අධ්‍යාත්මික වර්ධනයක් ඇති කර ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීමට හැකි විය.
මෙම වැඩසටහන මගින් සමාජයේ සියලුම අංශ හරහා සිවිල්-හමුදා සහයෝගීතාවය වැඩිදියුණු කරන අතර, ප්‍රජාවගේ සුභසාධනය සහ සංස්කෘතික සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා යුද්ධ හමුදාවේ කැපවීම පිළිබිඹු කරයි.