23rd June 2025
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ගේ මඟපෙන්වීම යටතේ 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එන් ප්‍රනාන්දු RSP සහ 522 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජේ.ඒ.සී කරුණාතිලක RSP USP ගේ අධීක්ෂණය යටතේ 2025 ජුනි මස 15 දින මරදන්කේනි රෝහලේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
උතුරු පළාත් රෝහල්වල පවතින රුධිර සංචිතයන්හි අවශ්‍යතාවයන් වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.
මෙම සමාජ සත්කාරක වැඩසටහන 10 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ වැඩබලන අණදෙන නිලධාරි මේජර් ආර්.එම්.ටී.එස් අලහකෝන් විසින් සංවිධානය කරන ලද අතර, එහිදී රුධිරය පරිත්‍යාග කිරීම සඳහා යුද්ධ හමුදා සෙබළුන් හතළිස් හතර දෙනෙකු, සිවිල් වැසියන් පස් දෙනෙකු සහ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ගේ උපදෙස් මත ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා හමුදා සාමාජිකයන්ගේ කැපවීම මෙම වැඩසටහන මඟින් මනාව පෙන්නුම් කරනු ලැබීය. එසේම, මෙහිදී රුධිර පරිත්‍යාග වැඩසටහනට සමගාමීව ජීවිත බේරා ගැනීම සඳහා රුධිර පරිත්‍යාග කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්විය.