11 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

11 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් 2025 ජුනි මස 23 දින කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ගර්භනී මව්වරුන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ සහ දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 243 පාබල බලසේනාවේ බලසේනාධිපති සහභාගි විය.