212 පාබල බලසේනාව පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වයි

77 වන ජාතික නිදහස් දිනයට සමඟාමීව 212 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.ඒ.එම්.පී බාලසූරිය ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ කැකිරාව කිරිමැටියාව ගාමිණී විද්‍යාලයේදී පාසල් සිසුන් අතර පාසල් උපකරණ (පාසල් බෑග්, සපත්තු, පොත් සහ වතුර බෝතල්) බෙදා දීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 04 දින පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා ජගත් කුමාර මහතා විසින් මූල්‍ය පරිත්‍යාගය සිදු කරනු ලැබූ අතර, එමඟින් ළමුන් 32 දෙදෙනෙකුට ප්‍රතිලාභ හිමි විය.

මෙම වැඩසටහන 7(ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සම්බන්ධීකරණය කළ අතර, අනතුරුව, සියලු සිසුන්ට සහ පාසල් කාර්ය මණ්ඩලයට දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.