242 පාබල බලසේනාවේ සහ 8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මඟපෙන්වීම සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් මත 242 පාබල බලසේනාවේ සහ 8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 4 දින තිරුක්කෝවිල් ප්‍රදේශයේ පිහිටි මෙතෝදිස්ත ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් සහ පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.