10 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව ශාන්ත අන්තෝනි දේවස්ථානයේ රුක් රෝපණ වැඩසටහනක් පවත්වයි

77 වන ජාතික නිදහස් දිනයට සමගාමීව 522 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.කේ.එස්.පී.එම්.ආර්.ඒ.බී දොඩම්වල පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 10 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එස්.එච් සුදුසිංහ ගේ අධීක්‍ෂණය යටතේ මනල්කාඩු ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී රුක් රෝපණ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 04 දින පවත්වන ලදී.

මෙම වැඩසටහන යටතේ දේවස්ථානය වටා බුළු, තැඹිලි සහ කුඹුක් පැළ 40 ක් රෝපණය කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ගම්වාසීන් රැසක් සහභාගි වූහ.