55 පාබල සේනාංකයේ භටපිරිස් විසින් කිලිනොච්චිය ප්‍රදේශයේ ළමා උද්‍යානයක් ඉදිකරයි

55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 55 පාබල සේනාංකයේ භටපිරිස් විසින් කිලිනොච්චි ප්‍රදේශයේ දරුදැරියන් වෙනුවෙන් ළමා උද්‍යානයක් ඉදිකරන ලදී. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ගොඩනගන ලද මෙම ළමා උද්‍යානය 2025 පෙබරවාරි මස 05 දින නිල වශයෙන් විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගි වූ අතර, වැඩසටහනේ තවත් අංගයක් ලෙස පෙර පාසල් ළමුන් 25 දෙනෙකු සඳහා පාසල් උපකරණ ද බෙදා දෙන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, රාජ්‍ය නිලධාරින්, ගුරුවරුන්, දරුදැරියන් සහ දෙමාපියන් පිරිසක් සහභාගි වූහ.