යුද්ධ හමුදාව විසින් අත්තනගල්ල ප්‍රදේශයේ ප්‍රජා සේවා ව්‍යාපෘතීන් පවත්වයි

6 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි මේජර් එන්.සී කරුණාරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ 8 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් වයි.ඩි.එන්. ද සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ, භටපිරිස් විසින් අත්තනගල්ල ‘සෙවණ’ වැඩිහිටි නිවාසයේ සහ ‘ඉසුරු’ ළමා නිවායේ නේවාසිකව රැකවරණය ලබන අයවළුන් සඳහා 2025 පෙබරවාරි මස 04 දින ප්‍රජා සේවා වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී.

වැඩසටහන අතරතුරදී ‘සෙවණ’ වැඩිහිටි නිවාසය වෙත යකඩ ඇඳන් දෙකක්, ප්ලාස්ටික් ඇඳුම් බහාලුම් දෙකක් සහ අත්‍යවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී. එසේම ‘ඉසුරු’ ළමා නිවාසය‍ෙහි රැකවරණය ලබන ළමුන් වෙත අවශ්‍ය පාසල් උකරණ බෙදා දීමට කටයුතු කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.