සිවිල් ක්‍රියාකාරකමි

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එන්.ඩී. කරුණාපාල ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම සහ 16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්.එච්. වික්‍රමසිංහ ආර්එස්පී යූඑස්පී පීඑස්සී එල්එස්සී ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් සිවිල් වැසියන් සහ රාජ්‍ය නිලධාරින් සමඟ ඒකාබද්ධව 2025 ජනවාරි මස 16 දින මාරයිලුප්පායි ප්‍රදේශයේ පිහිටි පනායිනිඩන්කුලම් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.


ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය මත සෙල්වපුරම් සහ යෝගපුරම් ප්‍රදේශයන්හි ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල දරු දැරියන් වෙනුවෙන් පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 14 දින CIMIC උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්විණි.


‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමඟාමීව, 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල් ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත අක්කරෙයිපත්තු ප්‍රදේශයේ වෙරළ තීරය සහ පන්සල පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 11 සහ 12 යන දිනයන්හිදී පවත්වනු ලැබීය.


54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.පී.ඒ.ආර්.පී රාජපක්‍ෂ ආර්එස්පී ගේ උපදෙස් මත, ‘රණවිරු අභිනන්දන පූජා 2025’ සමාරම්භක වැඩසටහන 2025 ජනවාරි මස 10 දින මන්නාරම, තල්ලඩි හිදී පැවැත්විණි. මෙම වැඩසටහන මගින් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ දරුවන් 250 දෙනෙකු වෙනුවෙන් රුපියල් 5,000.00 බැගින් වටිනා පොත් සහ පාසල් බෑග් බෙදා දෙන ලදී.


59 පාබල සේනාංකය, ශ්‍රී ලංකා නිපොන් අධ්‍යාපනික හා සංස්කෘතික මධ්‍යස්ථානය සමඟ එක්ව මුලතිව් දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී සිසු සිසුවියන්ගේ අධ්‍යාපනයට සහය වීම අරමුණු කරගනිමින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ සහ අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදා දීමේ වැඩස‍ටහනක් සංවිධානය කරන ලදී.


24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල්. ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ එම සේනාංකයේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 09 දින උහන ප්‍රදේශයේ රුහුණුගම ජීවත්වන ගර්භනී මව්වරුන් 35 දෙනෙකු සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.


වන අලින්ගෙන් කුඹුරු වගාවලට සිදුවන හානිය අවම කරගැනිම සහ ප්‍රදේශයේ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, වනජීවී සහ සිවිල් සංවිධාන සමඟින් එක්ව 2025 ජනවාරි මස 02 දින සමීක්‍ෂණයක් පවත්වන ලදී.


ර‍ජය විසින් ආරම්භකරන ලද, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් "පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ බෙන්තොට සිට ගොවියාපාන ප්‍රදේශය දක්වා වෙරළ තීරය ආවරණය වන පරිදි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 12 දින ගාල්ලේදී පවත්වන ලදී.


ප්‍රජා සත්කාර වැඩසටහනක් ලෙස උඩුවිල්, වලිකාමම් දකුණේ නිවාස අවශ්‍යතා ඇති පවුලකට අලුතින් ඉදිකරන ලද නිවසක් 2025 ජනවාරි මස11 දින පවරා දෙන ලදී,


ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම සහ 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ගේ අධීක්‍ෂණය මත චෙඩ්ඩිකුලම්, මුහත්තන්කුලම් රජයේ දමිළ මාධ්‍ය පාසලේදී අක්ෂි සහ වෛද්‍ය සායනයක් 2025 ජනවාරි මස 11 දින පවත්වන ලදී.