23rd February 2026
55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එම්.ජි.ඊ. හේරත් RSP USP ndu psc ගේ මඟපෙන්වීම යටතේ 551 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.බී.එම්.ආර්. කන්දේකුඹුර RSP USP ගේ අධීක්‍ෂණය යටතේ කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි ගැබිනි මව්වරුන් 22 දෙනෙකු සඳහා වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ සුභසාධන වැඩසටහනක් පවත්වනු ලැබීය.
7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ජී.ඒ.එම්.එන්.ඒ. සමරකෝන් RWP RSP USP psc ගේ උපදෙස් මත එම ඒකකයේ නිලධාරීන් සහ සෙසුනිලයන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
ප්‍රදේශයේ ගැබිනි මව්වරුන්ගේ පෝෂණ හා අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරාලීම අරමුණින් 2026 පෙබරවාරි මස 20 වන දින 7 වන බලඇණි ශ්‍රී ලංකා පාබල හමුදා දේශන ශාලාවේදී පවත්වනු ලැබූ මෙම වැඩසටහනේදී එම ගැබිනි මව්වරුන් සඳහා වෛද්‍ය සායනයක් ද පවත්වන ලදී.
මෙම වෛද්‍ය සායනය වෛද්‍ය එස්. කජේන්ද්‍ර මහතා විසින් කිලිනොච්චි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව පවත්වනු ලැබීය.