20th February 2026
යුද්ධ හමුදාව සහ Nature's Beauty Creations සමාගම එක්ව වවුනියාව ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් 137 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය ළදරු සත්කාර නිෂ්පාදන ලබාදීමේ සුභසාධන වැඩසටහනක් ගාමිණී මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී 2026 පෙබරවාරි මස 13 වන දින සංවිධානය කරන ලදී.
563 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව් දසනායක RSP ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන්, එම සමාගමේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.