20th February 2026
59 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් මුලතිව් ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහනක් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පණ්ඩරවානියන් සම්මන්ත්‍රණ ශාලාවේදී 2026 පෙබරවාරි මස 14 වන දින සංවිධානය කරන ලදී.
Nature's Beauty Creations ආයතනය විසින් මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය දක්වන ලදී.
මෙම වැඩසටහනට සමගාමීව, මුලතිව් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහයෝගයෙන් එම ගැබිනි මව්වරුන් දැනුවත් කිරීමේ දේශනයක් ද පවත්වන ලදී. එහිදී ප්‍රධාන වශයෙන් එම මව්වරුන්ගේ සහ බිළිඳුන්ගේ පෝෂණය, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව සහ ගර්භණී සමයේදී නිසි ලෙස සෞඛ්‍ය රැකවරණය ලබා ගන්නා ආකාරය පිළිබඳව අවධානය යොමු කරමින් සෞඛ්‍ය සම්පන්න ගර්භණී සමයක් සහ ආරක්‍ෂිත දරු ප්‍රසූතියක් සඳහා අවශ්‍ය ලබා දුන්නේය.
මෙම අවස්ථාවට 591 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච්.එම්.ජේ.ඩබ්ලිව් බණ්ඩාර RSP USP nps psc, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.