20th February 2026
Supreme Care ජන සුව යාත්‍රා ප්‍රජා සුබසාධන වැඩසටහන යටතේ සංවිධානය කරන ලද අක්‍ෂි සායනයක් සහ සෞඛ්‍ය කඳවුරක් 2026 පෙබරවාරි මස 14 වන දින 61 වන පාබල සේනාංක බලප්‍රදේශයේ පිහිටි ශ්‍රී වර්ධනාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී. මෙම වැඩසටහන යුද්ධ හමුදාවේ සහාය ඇතිව Supreme Global Holdings පුද්ගලික සමාගම විසින් වයස අවුරුදු 55 ට වැඩි පුරවැසියන් සඳහා සංවිධානය කරන ලද අතර, එහිදී වැඩිහිටියන් 150 කට වැඩි පිරිසකට ප්‍රතිලාභ හිමිවූහ.
එම සායනයේදී, අක්‍ෂි සහ රුධිර පරීක්‍ෂණයන් සිදු කරන ලද අතර, ඉදිරියේදී ඇස් කණ්ණාඩි අවශ්‍ය බවට හඳුනාගත් වැඩිහිටියන් සඳහා ඇස් කණ්ණාඩි ලබා දීමට ද අවශ්‍ය කටයුතු සිදුකරනු ලැබීය.
මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීම සඳහා 11 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් සිය සහාය ලබා දුන්හ.