යුද්ධ හමුදා විශේෂාංග

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 14 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් සී.පී වික්‍රමරත්න RSP USP, 2025 මැයි මස 28 දින එම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.


මෙවර, ‘ප්ලාස්ටික් භාවිතය නවතමු’ යන ගෝලීය තේමාව ඔස්සේ 2025 ජුනි මස 05 දිනට යෙදෙන ලෝක පරිසර දිනය සැමරීම සනිටුහන් කරමින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව දිවයින පුරා ස්ථාපිත සියලුම යුද්ධ හමුදා කඳවුරු තුළ පැළ රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පරිසර සංරක්‍ෂණය සඳහා යුද්ධ හමුදාව සිය දායකත්වය ලබාදෙන ලදී.


‘ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි අභියෝගතා කුසලාන වොලිබෝල් තරඟාවලිය - 2025, ජුනි මස 04 දින මන්නාරම නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සාර්ථකව අවසන් විය. එහි මූලික තරඟ 2025 මැයි මස 20 දින පැවැත්විණි.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස කර්නල් ආර්.එම් බාලසූරිය USP 2025 ජුනි මස 04 දින පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.


පිළියන්දල, බෝකුන්දර හන්දිය අසල දෙව්මිණි දැව ගබඩාවේ 2025 ජුනි මස 04 දින හදිසි ගින්නක් ඇති වූ අතර එම ගින්න කඩිනමින් මැඩපැවැත්වීම සඳහා 5 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සහ 1 වන ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.


61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත කූරගල ප්‍රදේශයේ පිහිටි පිහිඹියගොල්ල රක්‍ෂිතයේ 2025 ජුනි මස 03 දින ඇති වූ ලැව්ගින්න මැඩපැවැත්වීම සඳහා 18 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.


කළමනාකරණ සහ නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් කේ.එම්.එන්.ඒ.ඩබ්ලිව්.කේ පෙරේරා AATO යුද්ධ හමුදා මූලස්ථානයේදී 2025 ජුනි මස 02 දින පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.


වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් ටී.සී පීරිස් RSP USP ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් 2025 මැයි මස 29 දින පැවැත්විණි.


පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.සී.ආර් කන්නන්ගර RSP ndc විසින් 2025 මැයි මස 29 දින සිය රාජකාරි කටයුතු භාරගන්නා ලදී.


61 පාබල සේනාංකයේ 17 වන සංවත්සර දිනයට සමගාමීව, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භටපිරිස් විසින් 2025 මැයි මස 27 සහ 28 යන දෙදින තුළ ගාල්ල, සම්බෝධි ළමා හා වැඩිහිටි නිවාසයේ විශේෂ අවශ්‍යතා ඇති නේවාසික ළමුන් හා වැඩිහිටියන් 50 දෙනෙකු සඳහා සමාජ සත්කාරක වැඩසටහනක් පවත්වන ලදී.