4th June 2025
වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් ටී.සී පීරිස් RSP USP ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් 2025 මැයි මස 29 දින පැවැත්විණි.
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත පැමිණි මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට ගෞරවාචාර පිරිනැමූහ. ඉන්පසුව, භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුර ගෞරවාචාරය ද පිරිනමන ලදී. මෙම උත්සව අවස්ථාවට පැමිණි මේජර් ජෙනරල් ටී.සී පීරිස් RSP USP ඇතුළු එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පවුලේ සාමාජිකයන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc විසින් පිළිගන්නා ලදී.
පසුව, මේජර් ජෙනරල් ටී.සී පීරිස් RSP USP සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගි වී ඔවුන් සමඟින් සුහද පිළිසඳරක ද නිරත විය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විය. එහිදී, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති විසින් සමුගැනීමේ දේශනයක් පවත්වමින් විශ්‍රාම දිවියට පා තැබූ එම ජ්‍යෙෂ්ඨ නිලධාරි ඉංජිනේරු බලකායට සහ ජාතියට සිදුකරනු ලැබූ සේවය ඇගයීමට ලක්කළේය.
ඉන් අනතුරුව, මේජර් ජෙනරල් ටී.සී පීරිස් RSP USP විසින් යුද්ධ හමුදා දිවිය තුළ රාජකාරි සිදුකිරීමේදී ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති, සියලුම නිලයන් සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාව දැක්වූ සහයෝගයට සිය කෘතවේදීත්වය පළකරන ලදී.