පිළියන්දල දැව ගබඩාවක් තුළ ඇති වූ හදිසි ගින්න මැඩපැවැත්වීමට යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය

පිළියන්දල, බෝකුන්දර හන්දිය අසල දෙව්මිණි දැව ගබඩාවේ 2025 ජුනි මස 04 දින හදිසි ගින්නක් ඇති වූ අතර එම ගින්න කඩිනමින් මැඩපැවැත්වීම සඳහා 5 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සහ 1 වන ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.

ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ සේවාවන් සමඟ එ්කාබද්ධව, 20 දෙනෙකුගෙන් සමන්විත භටපිරිස් කණ්ඩායම් දෙකක් ගිනිනිවීමේ මෙහෙයුම්වල නිරතවූහ. එහිදී ඔවුන් ගින්න පාලනය කිරමින් එය තවදුරටත් පැතිරීම වැළැක්වීමට කටයුතු කරමින් මහජන ආරක්‍ෂාව සහතික කිරීමට කටයුතු සිදු කළහ.

අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව 14 පාබල සේනාංකයේ අධීක්‍ෂණය මත යුද්ධ හමුදා භටපිරිස් මෙම ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.