නව විනයාරක්‍ෂාධිපති රාජකාරි අරඹයි
2025-06-01
යුද්ධ හමුදා මූලස්ථානයේ විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 2025 මැයි මස 29 දින පැවති උත්සවයකදී 16 වන විනයාරක්‍ෂාධිපති ලෙස බ්‍රිගේඩියර් ඒ.එම්.ආර් අබේසිංහ ndc විසින් රාජකාරි භාරගන්නා ලදී.
ජාතියේ ආරක්ෂකයා
2025-06-01
යුද්ධ හමුදා මූලස්ථානයේ විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 2025 මැයි මස 29 දින පැවති උත්සවයකදී 16 වන විනයාරක්‍ෂාධිපති ලෙස බ්‍රිගේඩියර් ඒ.එම්.ආර් අබේසිංහ ndc විසින් රාජකාරි භාරගන්නා ලදී.
ජාතික රණවිරු දිනයට සමගාමීව, 2025 මැයි මස 29 දින මයිලපිටිය රණවිරු ස්මාරකය අභියසදී රණවිරු සැමරුම් උත්සවයක් පැවැත්විණි.
ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ නව සේනාවිධායක වශයෙන් බ්‍රිගේඩියර් වයි.එම්.එස්.සී.බී ජයතිලක RSP USP 2025 මැයි මස 15 දින එම පුහුණු ආයතනයේදී සිය ධූරයේ රාජකාරීන් භාර ගනු ලැබීය.
ධූරයෙන් නික්ම යන දියතලාව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ සේනාවිධායක...
ගම්පොළ සහිරා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2025 අප්‍රේල් මස 23 දින පැවති අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ටී.එන් මජීඩ් RSP USP ndc Isc සහභාගි විය.
වන අලින්ගෙන් කුඹුරු වගාවලට සිදුවන හානිය අවම කරගැනිම සහ ප්‍රදේශයේ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, වනජීවී සහ සිවිල් සංවිධාන සමඟින් එක්ව 2025 ජනවාරි මස 02 දින සමීක්‍ෂණයක් පවත්වන ලදී.
රජය විසින් ආරම්භකරන ලද, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් "පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ බෙන්තොට සිට ගොවියාපාන ප්‍රදේශය දක්වා වෙරළ තීරය ආවරණය වන පරිදි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 12 දින ගාල්ලේදී පවත්වන ලදී.
ප්‍රජා සත්කාර වැඩසටහනක් ලෙස උඩුවිල්, වලිකාමම් දකුණේ නිවාස අවශ්‍යතා ඇති පවුලකට අලුතින් ඉදිකරන ලද නිවසක් 2025 ජනවාරි මස11 දින පවරා දෙන ලදී,
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් බදාදා පුහුණු දින වැඩසටහනෙහි කොටසක් ලෙස 2024 ජනවාරි මස 8 දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා දේශන ශාලාවේදී ‘බෝවන රෝග වලින් වැළකීම සහ දැනුවත් වීම’ යන මැයෙන් දේශනයක් පවත්වන ලදී.
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 2025 ජනවාරි මස 07 දින පනාගොඩ, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් කාර්යය මණ්ඩලය අමතනු ලැබීය.