6th June 2025
‘ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි අභියෝගතා කුසලාන වොලිබෝල් තරඟාවලිය - 2025, ජුනි මස 04 දින මන්නාරම නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සාර්ථකව අවසන් විය. එහි මූලික තරඟ 2025 මැයි මස 20 දින පැවැත්විණි.
මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහක කණ්ඩායම් සහ 54 පාබල සේනාංකයෙන් කණ්ඩායම් දෙකක් මෙම තරඟාවලියට සහභාගී වූ අතර, එහිදී 54 පාබල සේනාංක ‘ඒ’ කණ්ඩායම සහ මන්නාරම ප්‍රාදේශීය ලේකම් කාර්යාල කණ්ඩායම අතර උණුසුම් තරඟයක් පැවැත්විණි.
ක්‍රීඩාවන් සඳහා කාන්තාවන්ගේ සහභාගීත්වය දිරිමත් කිරීම සඳහා මන්නාරම දිස්ත්‍රික් කාන්තා වොලිබෝල් කණ්ඩායම සහ යුද්ධ හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම අතර ප්‍රදර්ශන තරඟයක් ද පැවැත්විය.
තරඟාවලිය අවසානයේදී ජයග්‍රාහකයින්ට සහ අනුශූරයන් වෙත කුසලාන, පදක්කම්, සහතික සහ මුදල් ත්‍යාගයන් ප්‍රදානය කරනු ලැබීය.
මෙම තරඟාවලිය ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc ගේ මඟපෙන්වීම යටතේ 54 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 541 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ පවත්වන ලදී.