3rd June 2025
පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.සී.ආර් කන්නන්ගර RSP ndc විසින් 2025 මැයි මස 29 දින සිය රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ හමුදා මූලස්ථානයේ සමස්ත ආරක්‍ෂක සම්බන්ධීකාරක ධූරය හෙබවීය.
ධූරයේ රාජකාරින් භාරගැනීමෙන් අනතුරුව නව ක්‍රීඩා අධ්‍යක්‍ෂ භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සිය ඉදිරි දැක්ම, උපායමාර්ගික ඉලක්කයන් සහ එම ධූරයේ වගකීම් පිළිබඳව අදහස් ප්‍රකාශ කළේය.