4th June 2025
61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත කූරගල ප්‍රදේශයේ පිහිටි පිහිඹියගොල්ල රක්‍ෂිතයේ 2025 ජුනි මස 03 දින ඇති වූ ලැව්ගින්න මැඩපැවැත්වීම සඳහා 18 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.
මේ අතර, 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය මත 23 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් බණ්ඩාරවෙල, දෝව විහාරස්ථානය අසල ඇති වූ තවත් ලැව්ගින්නක් මැඩපැවැත්වීම සඳහා සිය සහයෝගය ලබාදුන් අතර එම භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වීම තුළින් ගින්න සාර්ථකව මැඩපැවැත්වීමට හැකියාව ලැබිණි.