2nd June 2025
61 පාබල සේනාංකයේ 17 වන සංවත්සර දිනයට සමගාමීව, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භටපිරිස් විසින් 2025 මැයි මස 27 සහ 28 යන දෙදින තුළ ගාල්ල, සම්බෝධි ළමා හා වැඩිහිටි නිවාසයේ විශේෂ අවශ්‍යතා ඇති නේවාසික ළමුන් හා වැඩිහිටියන් 50 දෙනෙකු සඳහා සමාජ සත්කාරක වැඩසටහනක් පවත්වන ලදී.
මෙම වැඩසටහන අතරතුරදී, භටපිරිස් විසින් ළමා හා වැඩිහිටි නිවාස පරිශ්‍රයේ කසළ හා අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ සහ සියලු නේවාසික ගොඩනැගිලි පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සහ විදුලි පද්ධතිය අළුත්වැඩියා කිරීම ද සිදුකරන ලදී.
එසේම, භටපිරිස් විසින් නේවාසික ළමුන් හා වැඩිහිටියන්ගේ කොණ්ඩා කැපීම, පිරිසිදු කිරීම හා වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යතා ඇති අයට වෛද්‍ය ප්‍රතිකාර ද ලබාදීම මෙහිදී සිදුකරන ලදී. වැඩසටහන අවසන්කරමින් කැලිප්සෝ සංගීත රසාස්වාදය සමඟින් දිවා භෝජන සංහ්‍රහයක් ද පවත්වන ලදී.
සංවත්සර දිනයේදී, ප්‍රථමයෙන් සේනාංකාධිපතිවෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුර සහ සම්මාන මුර ගෞරවාචාරයන් පිරිනමන ලදී. පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරී භටපිරිස් අමතමින් ඔවුන්ගේ සේවය සහ අඛණ්ඩ සිදුකරනු ලබන ආපදා සහන සේවා කටයුතු ද අගය කරනු ලැබීය.
සංවත්සර දිනය සනිටුහන් කරමින්, සේනාකාධිපති විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. උත්සවයේ කටයුතු අවසන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සහ සංගීත ප්‍රසංගයක් පැවැත්විය.