කැන්ඳලන්ද නිලධාරි විවාහක නිවාස සංකීර්ණයේ නේවාසික යුද්ධ හමුදා නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයන් විසින් 2025 ජුනි මස 11 දින එම විවාහක නිවාස සංකීර්ණය ඉදිරිපිටදී අයිස්ක්‍රීම් සහ කිරි තේ පැන් දන්සලක් පවත්වන ලදී.
ජාතියේ ආරක්ෂකයා
කැන්ඳලන්ද නිලධාරි විවාහක නිවාස සංකීර්ණයේ නේවාසික යුද්ධ හමුදා නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයන් විසින් 2025 ජුනි මස 11 දින එම විවාහක නිවාස සංකීර්ණය ඉදිරිපිටදී අයිස්ක්‍රීම් සහ කිරි තේ පැන් දන්සලක් පවත්වන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc ගේ මඟපෙන්වීම මත 2025 ජුනි මස 10 දිනට යෙදුනු පොසොන් පොහෝ දිනයට සමගාමීව 21 පාබල සේනාංකය සහ භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් අනුරාධපුර ප්‍රදේශයේදී ආගමික සහ ප්‍රජා සුභසාධක වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් හා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සාමාජිකයන් ඒකාබද්ධව 2025 ජුනි මස 10 දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේදී බත් දන්සලක් පැවැත්වීය.
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඒ.එච්.ඒ.ඩී ආරියසේන RWP RSP USP psc ptsc ගේ මඟපෙන්වීම මත පොසොන් පොහෝ දිනයට සමගාමීව එම රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් 2025 ජුනි මස 10 දින රංගිරි දඹුලු රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී මඤ්ඤොක්කා දන්සලක් පවත්වන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ සංගමය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව ඒකාබද්ධව පොසොන් පොහෝ දිනයට සමගාමීව 2025 ජුනි මස 10 දින පනාගොඩ, ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී ‘සීල සමාධි’ වැඩසටහනක් පැවැත්වීය.
221 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඊ.ඩබ්ලිව්.ආර්.එස්.බී ඇහැලේපොල USP USACGSC ගේ මඟපෙන්වීම මත එම බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2025 ජුනි මස 10 දින ත්‍රිකුණාමලය, කොටුව ෆ්‍රෙඩ්රික් හි පිහිටි ගෝකන්න රජමහා විහාරස්ථානය ඉදිරිපිටදී කඩල දන්සලක් පැවැත්වීය.
කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.වී.අයි.එල් ජයවීර USP ගේ මඟපෙන්වීම මත මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් කමාන්ඩෝ බලසේනාව හා රාගම ශික්‍ෂණ රෝහල් රුධිර බැංකුව සමඟ සහයෝගයෙන් යුතුව 2025 ජුනි මස 11 දින කමාන්ඩෝ බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP ගේ මඟපෙන්වීම මත පොසොන් පොහෝ දිනයට සමගාමීව එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2025 ජුනි මස 11 දින එම මූලස්ථාන පරිශ්‍රය ඉදිරිපිටදී දන්සලක් පවත්වන ලදී.
ධූරයෙන් නික්ම යන 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එස්.එන් හේමරත්න RWP RSP psc වෙත ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් එම සේනාංක මූලස්ථානයේදී 2025 ජුනි මස 04 දින පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක සහ කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වන මේජර් ජෙනරල් බී.එම්.ආර්.ජේ බණ්ඩාර වෙත උපහාර දැක්වීමේ උත්සවයක් එම විද්‍යාලයීය පරිශ්‍රයේදී 2025 මැයි මස 15 දින පැවැත්වීය. එහිදී, එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කැපී පෙනෙන ජයග්‍රහණ සහ ජාතියට කළ සේවය අගයමින් උපහාර දැක්වීය.