ලෝක පරිසර දිනයට සමගාමීව දිවයින පුරා ස්ථාපිත යුද්ධ හමුදා කඳවුරු තුළ පැළ රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කරයි

මෙවර, ‘ප්ලාස්ටික් භාවිතය නවතමු’ යන ගෝලීය තේමාව ඔස්සේ 2025 ජුනි මස 05 දිනට යෙදෙන ලෝක පරිසර දිනය සැමරීම සනිටුහන් කරමින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව දිවයින පුරා ස්ථාපිත සියලුම යුද්ධ හමුදා කඳවුරු තුළ පැළ රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පරිසර සංරක්‍ෂණය සඳහා යුද්ධ හමුදාව සිය දායකත්වය ලබාදෙන ලදී.