යුද්ධ හමුදා විශේෂාංග

592 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එල්.අයි. කරුණානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ අභිමානවත් 17 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2024 දෙසැම්බර් මස 29 දින සැමරුම් උත්සවයක් පැවැත්විණි.


4 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් පේදුරුතුඩුව, පවට්කරෙයි ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙන ලදී. නව නිවස විවෘත කිරීමේ උත්සවය 2025 ජනවාරි මස 06 දින පැවති අතර එහි ප්‍රධ‍ාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ සුරතින් නව නිවසේ යතුරු නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත භාරදෙනු ලැබීය.


විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.සී.ආර්. කන්නන්ගර ආර්එස්පී එන්ඩීසී, 2025 ජනවාරි මස 06 දින පැවති කෙටි උත්සවයකින් යුද්ධ හමුදා මූලස්ථානයේ සමස්ථ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරි ලෙස රාජකාරි භාර ගන්නා ලදී.


ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බ්‍රිගේඩියර් බී.ඒ.ඩී.ආර්.ඒ.සී. විජයසේකර ආර්එස්පී යූඑස්ඒසීජීඑස්සී යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකින් මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 39 වන අධ්‍යක්‍ෂ ලෙස 2025 ජනවාරි මස 06 දින ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.


ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත එම බලකායේ අභිමානවත් 28 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2025 ජනවාරි මස 3 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී සැමරුම් උත්සවයක් පැවැත්විණි.


ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2025 ජනවාරි මස 05 දින 51 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.


57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, පොල්ගහවෙල ශාන්ත බර්නදෙන් ආදර්ශ මහ විද්‍යාලයේ පැවති ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැළඳ වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2025 ජනවාරි මස 03 දින සහභාගී විය. එම පාසලේ විදුහල්පතිතුමාගේ ආරාධනයකට අනුව එතුමන් මෙම අවස්ථාවට සහභාගී විය.


22 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ඒ.එන්. රසික කුමාර එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත අභිනවයෙන් ඉදිකරනු ලැබූ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය 2025 ජනවාරි මස 03 දින නිල වශයෙන් විවෘත කරන ලදී.


සන්නද්ධ බුද්ධි බලකාය වෙතින් සපයනු ලැබූ තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු විශේෂ කාර්ය බලකා භටපිරිස් විසින් ඊයේ (ජනවාරි මස 03) දින යාපනය, වේලානෙයි 4 වන අදියර ප්‍රදේශයේදී වැටලීමක් සිදුකරනු ලැබීය. මේ වනතෙක් ශ්‍රී ලංකාව තුළ අත්අඩංගුවට ගත් විශාලම විදේශීය නිෂ්පාදිත පළිබෝධනාශක තොගය මෙය වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 50 කට ආසන්න වේ. මෙම වැටලීමේදී, සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබිණි.


ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී, 2025 ජනවාරි මස 02 දින 1 බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරත විය.