සන්නද්ධ බුද්ධි බලකායේ තොරතුරකට අනුව නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනි

සන්නද්ධ බුද්ධි බලකාය වෙතින් ලද තොරතුරකට අනුව බත්තරමුල්ල, සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් 2025 ජූලි මස 22 දින රාජගිරිය ප්‍රදේශයේ වැටලීමක් සිදුකරමින් රුපියල් මිලියන 12 ක පමණ වටිනාකමකින් යුත් කුෂ් කිලෝග්‍රෑම් 2 ක් සමඟ තලවතුගොඩ, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහ සැකකරු පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ කටයුතු බත්තරමුල්ල සුරාබදු දෙපාර්තමේන්තුව වෙතින් සිදුකරනු ලබයි.