28th July 2025
23 පාබල සේනාංකයේ 28 වන සංවත්සරය දිනය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.පී.පී කුලතිලක ndc ගේ මඟපෙන්වීම මත හමුදා සම්ප්‍රදායානුකූල උත්සව මාලාවකින් 2025 ජූලි මස 23 දින සමරනු ලැබීය.
ඒ අනුව සේනාංකයට සහ සේනාංකය යටතේ සේවයේ නියතු භටපිරිස්වලට ආශිර්වාදය පතා 2025 ජූලි මස 22 දින සර්ව ආගමික වැඩසටහනක් පැවැත් විය. එසේම සංවත්සර දිනයේදී, 7 බලඇණිය ගැමුණු හේවා බළකායේ භටපිරිස් විසින් සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව එදින සමූහ ඡායාරූපයකට පෙනිසිටි සේනාංකාධිපති එම කඳවුරු පරිශ්‍රයේ පැලයක් සිටුවීමෙන් පසුව භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සියලු නිලයන්ගේ කැපවීම අගය කරමින් අඛණ්ඩ වෘත්තීයභාවය වෙනුවෙන් දිරිමත් කළේය.
අනතුරුව, එදින වැඩකටයුතු අවසන් කරමින් දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. පසු දින එනම් 2025 ජුනි මස 24 දින සේනාංක ක්‍රීඩා පිටියේදී පවත්වන ලද ක්‍රිකට් තරඟාවලියකින් සැමරුම් උත්සවයේ වැඩකටයුතු අවසන් විය.