මුලතිව්, ප්‍රහාරයෙන් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කරයි

1996 ජූලි මාසයේදී එල්ටීටීඊ ප්‍රහාරයට එරෙහිව මුලතිව් කඳවුර ආරක්‍ෂා කිරීමේදී ජිවිත පරිත්‍යාග කළ රණවිරුවන් සිහිපත් කිරීමේ වාර්ෂික අනුස්මරණ උත්සවය 2025 ජූලි මස 17 දින මුලතිව් රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි RWP RSP USP සහභාග වූ අතර, මෙම සැමරුම් උත්සවයේදී දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර දැක්වීය.

දිවන්ගත රණවිරුවන් හට ගෞරවාචාරය දැක්වීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් රැසක් සහභාගී වූහ.