යුද්ධ හමුදා විශේෂාංග

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 22 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc 2025 ජුනි මස 30 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.


ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 ජුනි මස 28 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ නව බලකාධිපති ලෙස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එන්.ඩී කරුණාපාල RSP ndu 2025 ජුනි මස 26 දින කරන්දෙණිය ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.


58 පාබල සේනාංකයේ 22 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඒ.එම්.ඒ අබේවර්ධන WWV RWP RSP ndc 2025 ජුනි මස 26 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.


අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඒ.පී.ඩී එදිරිසූරිය (විශ්‍රාමික) KSV ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ 2025 ජුලි මස 01 දින සන්ධ්‍යාවේ බොරැල්ල, පොදු සුසාන භූමියේ පිහිටි නව ආදාහනාගාර පරිශ්‍රයේදී සිදුකෙරිණි. ඒම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා හමුදා සාමාජිකයන්, සම්භාවනීය අමුත්තන් සහ ශෝකයට පත් ඥාතීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 15 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc 2025 ජුනි මස 27 දින යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.


මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත 54 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඒ.එම්.සී අබේකෝන් RWP RSP USP ndc 2025 ජුනි මස 29 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.


ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc වෙත ගෞරවාචාර දැක්වීමේ උත්සවයක් 2025 ජුනි මස 24 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.


යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.එන් විජේකෝන් ndc AATO 2025 ජුනි මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.


යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී විජයරත්න RWP RSP nps psc 2025 ජුනි මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.