යුද්ධ හමුදා විශේෂාංග

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එන්.ඩී කරුණාපාල ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය වෙතින් සංවිධානය කරනු ලැබූ 2024 වන්නි නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2024 දෙසැම්බර් මස 29 දින වවුනියාව ‘සංස්කෘතික ශාලාවේදී’ පැවැත්විණි.


51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී 2024 දෙසැම්බර් මස 30 දින 511 පාබල බලසේනාවේ සහ 9 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරත විය.


යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අන්තර් බලඇණි ක්‍රීඩා හා වෙඩිතැබීමේ ශූරතාවලිය 2024 දෙසැම්බර් මස 29 දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.


541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයි.පී. ජයසිංහ ආර්ඩබ්ලිව්පී ගේ මඟපෙන්වීම මත එම බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් 2024 දෙසැම්බර් මස 30 දින කල්ලියඩි රජයේ දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රයේදී ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.


ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ඒ.එන්. රසික කුමාර එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත එම බලකාය විසින් 2024 දෙසැම්බර් මස 26 දින මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශනයක් පැවැත්වීය. මෙම වැඩසටහනේ අරමුණ වූයේ හමුදා සාමාජිකයන් අතර මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීමයි.


ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 13 වන වාර්ෂික හරිත ගොඩනැගිලි සම්මාන උළෙල 2024 දෙසැම්බර් මස 19 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.


591 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ජේ. උබේසේකර ආර්එස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ 17 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2024 දෙසැම්බර් මස 13 දින සැමරුම් උත්සවයක් පැවැත්විණි.


ගම්පොල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය වෙතින් 2024 දෙසැම්බර් මස 09 දින සිට දෙසැම්බර් මස 26 දින දක්වා කාලය තුළ එම පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී උසස් ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලා අංක - 13 සහ උසස් ජීවිතාරක්‍ෂක පාඨමාලා අංක - 06 යන පාඨමාලාවන් පැවැත්වීය.