22 පාබල සේනාංකයේ 28 වන සංවත්සර දිනය අහිමානවත් අයුරින් සමරයි

22 පාබල සේනාංකයේ 28 වන සංවත්සර දිනය එම සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩි.එල්.එස පෙරේරා RWP RSP ndc ගේ මඟපෙන්වීම මත හමුදා සම්ප්‍රදායානුකූල උත්සව මාලාවකින් 2025 ජූලි මස 23 දින සමරනු ලැබීය.

එදින ප්‍රධාන දොරටුව වෙත පැමිණි සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව, සේනාංකාධිපති සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනිසිටීමෙන් පසුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට එක් විය.