යුද්ධ හමුදා විශේෂාංග

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී 2025 ජනවාරි මස 03 දින 55 පාබල සේනාංකයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.


52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 10 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ සම්බන්ධීකරණය මත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 04 දින මරදන්කේනි සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.


ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් වයි.කේ.එස්. රංගික පීඑස්සී පීටීඑස්සී 2024 දෙසැම්බර් මස 28 දින 17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.


යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 14 වන අධ්‍යක්‍ෂ වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් ටී.ජි.එන්. ද සිල්වා 2025 ජනවාරි මස 01 දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි සිය කාර්යාලයේදී පැවති කෙටි උත්සවයකදී රාජකාරි කටයුතු භාරගත්තේය.


ගුවන් සංග්‍රමික පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස ලුතිනන් කර්නල් ඩී.එම්.සී.එල්. දිසානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2025 ජනවාරි මස 01 දින පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.


දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.පී. මුනිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්‍ෂණය මත 2024 නොවැම්බර් මස 13 දින සිට 2024 දෙසැම්බර් මස 30 දින දක්වා එම පුහුණු පාසල් පරිශ්‍රයේදී ඒකක පුහුණුකරු පාඨමාලා අංක - 50 සාර්ථකව පැවැත්විණි. මෙම පාඨමාලාව සඳහා නිලධාරින් 06 දෙනෙකු සහ සෙසුනිලයන් 28 දෙනෙකු සහභාගි වූහ.


අධික වර්ෂාපතනය හේතුවෙන් වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි මඟුල්පොකුණ වැවෙහි පිටවාන කැඩී ‍යාම හේතුවෙන් ජලය පිටාර ගැලීමෙන් මඟුල්පොකුණ සිට කාලිංගවිල දෙසට ගමන් ගමන්නා මාර්ගය දැඩි ලෙස හානියට පත්විය. කඩිනමින් ක්‍රියාත්මකවූ , 23 පාබල සේනාංකයේ සහ 9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් එක්ව එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2025 ජනවාරි මස 02 දින සිදුකරනු ලැබූහ.


යුද්ධ හමුදා මූලස්ථානයේ නව යුද සේවා ලේකම් ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් යු.එල්.ජේ.එස්. පෙරේරා ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2025 ජනවාරි මස 01 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී.


යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2024 දෙසැම්බර් මස 31 දින අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.


7 බලඇණිය ශ්‍රී ලංකා සංඥා බලකායේ සහ 5 බලඇණිය ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් 2024 දෙසැම්බර් මස 28 දින කුලියාපිටිය, කිරින්දාව ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.