ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර දිඹුලාගල, ආරණ්‍ය සේනාසනයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික හා ආගමික වැදගත්කමකින් යුත් දිඹුලාගල, ආරණ්‍ය සේනාසනයේ 2025 ජූලි මස 09 දින සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුරදී, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති අතිපූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නායක හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගන්නා ලදී.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc එම විහාරස්ථාන පරිශ්‍රයේ සංචාරයක නිරත වෙමින් එම පුදබිමේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදුකරනු ලබන ඉදිකිරීම් කටයුතු පිළිබඳව නිරීක්‍ෂණය කරන ලදී.