විශේෂ බලකායේ මූලිකත්වයෙන් දිවංගත රණවිරුවන් අනුස්මරණය කරයි

උපකරණ මාස්ටර් ජෙනරාල් සහ විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් WWV RWP RSP USP ndu psc ගේ මඟපෙන්වීම මත මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී 2025 ජූලි මස 12 දින පැවැත්විණි.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් පෙරහැරක් පැවැත්වීමෙන් අනතුරුව සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ දිවංගත රණවිරුවන් වෙත පිං අනුමෝදන් කරමින් දානමය වැඩසටහනක් ද පැවැත්විණි.