මාලදිවයින් ජනරජයේ ආරක්‍ෂක උපදේශක ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ සංචාරයක

ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ දැනට ස්නයිපර් පාඨමාලාව හදාරන මාලදිවයින් ආරක්‍ෂක හමුදාවේ සැරයන් හුසේන් ෆෂීන් සහ සැරයන් අයිෂාම් අහමඩ් ගේ පුහුණු ප්‍රගතිය සහ පරිපාලන පහසුකම් සොයාබැලීම සඳහා මාලදිවයින් ජනරජයේ ආරක්‍ෂක උපදේශක කර්නල් හසන් අමීර් ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජූලි මස 23 දින එම පුහුණු පාසල වෙත පැමිණියේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වාර්ෂික පුහුණු වැඩසටහන යටතේ පවත්වනු ලබන මෙම පාඨමාලාව මඟින් දේශීය හා විදේශීය භටපිරිස් ඒකාබද්ධ කරමින් ස්නයිපර් උපක්‍රම සහ නිරවද්‍ය වෙඩි තැබීමේ හැකියාව වැඩි දියුණු කරනු ලබයි.

මෙම සංචාරය අතරතුරදී, පාඨමාලා අන්තර්ගතය, පුහුණු ශිල්පීය ක්‍රම සහ විදේශීය අභ්‍යාසලාභීන්ගේ කාර්ය සාධනය පිළිබඳව එම ජ්‍යෙෂ්ඨ නිලධාරීව දැනුවත් කරන ලදී. අනතුරුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි උපදේශකයන් සහ පාඨමාලාව හදාරන භටපිරිස් සමඟ සුහඳ පිළිසඳරක නිරතවූ අතර, පුහුණු පාසලේ වෘත්තීයභාවය සහ දෙරට අතර ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේදී ඔවුන්ගේ කාර්යභාරය අගය කළේය.