58 පාබල සේනාංකයේ 16 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.ඒ අබේවර්ධන WWV RWP RSP ndc ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ අභිමානවත් 16 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2025 ජූලි මස 02 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්විණී.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් පිරිනැමීමෙන් අනතුරුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විණි.

සංවත්සර සැමරුමට සමගාමීව, ෂාලෝන් ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් දානමය වැඩසටහනක් සහ බෝධි පූජාමය වැඩසටහනක් ද පැවැත්වීය. මෙම සංවත්සර සැමරුම් උත්සවය සඳහා එම පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්වරුන් පිරිසක් සහභාගි වූහ.