යුද්ධ හමුදා විශේෂාංග

2026 මැයි මස 18 වන දින ඇද හැලුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් ගලහ නගරයට සහ ගලහ රෝහලට ප්‍රවේශ වීමට තිබූ මාර්ගය දැඩි ලෙස හානී වූ අතර, එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා 6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ගලහ – දෙල්තොටවත්ත ප්‍රදේශයේ Compact 100 පාලමක් සාර්ථකව සවි කරන ලදී.


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 18 වන ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් වශයෙන් මේජර් ජෙනරල් ටී.ටී.පී. සිරිවර්ධන RSP ndc psc Isc, 2026 මැයි මස 14 වන දින පනාගොඩ, යුද්ධ හමුදා ජනපද ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩල කාර්යාලයේදී ධුරයේ රාජකාරින් භාරගනු ලැබීය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ නව කර්නල් සේනාවිධායක වශයෙන් මේජර් ජෙනරල් එම්.එන්. ප්‍රනාන්දු RSP, 2026 මැයි මස 15 වන දින කරන්දෙණිය, එම බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.


59 වන පාබල සේනාංකයේ 25 වන සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරල් එච්.ඒ.අයි. පෙරේරා RWP RSP USP ndc, 2026 මැයි මස 15 වන දින එම සේනාංක පරිශ්‍රයේදී ධූරයේ රාජකාරින් භාර ගන්නා ලදී.


මෙරට නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය යුද්ධ හමුදා අතිරේක බුද්ධි අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් කේ.කේ. සිං SM  ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය දූත පිරිස 2026 මැයි මස 15 වන දින සංඥා පුහුණු පාසල වෙත පැමිණියහ.


ධූරයෙන් නික්ම යන යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ 6 වන කර්නල් සේනාවිධායක වශයෙන් රාජකාරි කරනු ලැබූ මේජර් ජෙනරල් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර RWP RSP ndc psc, වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 2026 මැයි 14 වන දින එම බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.


ජාතික රණවිරු සැමරුමට සමගාමීව රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරන ලද නැගෙනහිර පළාත් රණවිරු අනුස්මරණ උත්සවය 2026 මැයි මස 14 වන දින අම්පාර සටන් පුහුණු පාසල් රණවිරු අනුස්මරණ ස්මාරක පරිශ්‍රයේදී පැවැත්විණි.


පුත්තලම ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් 2026 මැයි මස 13 දින පුත්තලම ජාතික රෝහලේ ඇති වූ හදිසි ආපදා තත්ත්වයට, 1 වන බලකාය යටතේ ස්ථාපිත 573 පාබල බලසේනාවේ භට පිරිස් කඩිනමින් ප්‍රතිචාර දක්වන ලදී.


ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 17 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩී.කේ.ආර්.එන්. සිල්වා RSP USP psc විසින් 2026 මැයි මස 11 දින එම බලකා මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.


571 වන පාබල බලසේනාවට අයත් 16 බලඇණීය ගජබා රෙජිමේන්තුවේ සෙබළුන් විසින් ගල්ගමුව උතුර, මීගලාව ප්‍රදේශයේ පිහිටි උස්ගල සියඹලංගමුව වැවේ වැව් බැම්ම මත වැලි කොට්ට ඇතිරීමේ කටයුතු 2026 මැයි මස 11 දින සාර්ථකව නිම කරන ලදී.