යුද්ධ හමුදා විශේෂාංග

වකුගඩු, පිළිකා සහ තැලසීමියා රෝගීන් සඳහා පවතින රුධිර හිඟයක් සම්බන්ධයෙන් අනුරාධපුර රෝහලේ රුධිර බැංකුවෙන් කරන ලද ඉල්ලීමකට අනුව, 21 වන පාබල සේනාංකය විසින් ක්ෂණික ජංගම රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.


බ්‍රිගේඩියර් ඩබ්ලිව්.වී.එස්. බොතේජු (විශ්‍රාමික) RWP RSP psc 2025 නොවැම්බර් මස 25 දින නාරාහේන්පිට යුද්ධ හමුදා මූලික රෝහලේදී අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට එම ජ්‍යෙෂ්ඨ නිලධාරි 76 වන වියේ පසු විය.


2025 නොවැම්බර් මස 25 දින වවුනියාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමකට අයත් ප්‍රදර්ශනාගාරයක හටගත් ගින්නකින් ගොඩනැගිල්ලට සහ එහි තිබූ උපකරණ සහ භාණ්ඩවලට හානි සිදුවිය.


2025 නොවැම්බර් මස 24 දින පානදුර ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක හටගත් ගින්නක් හේතුවෙන් ප්‍රධාන ගොඩනැගිල්ලට සහ යාබද ගබඩා ප්‍රදේශවලට විශාල හානි සිදුවිය.


2025 නොවැම්බර් මස 23 වන දින රඹුක්කන මාවනැල්ල මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට තලගොල්ල ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් විපතට පත්වූවන් මුදවා ගැනීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් විසින් කඩිනමින් ක්‍රියාත්මක වන ලදී.


21 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ටී.එන්.කේ. පෙරේරා 2025 නොවැම්බර් මස 21 දින එම සේනාංකයේදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.


2025 නොවැම්බර් මස 20 දින ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් වෙල්පල්ල ප්‍රදේශයේ පිහිටි රත්මල් ඔයෙහි ඉවුරට දැඩි ලෙස හානි සිදුවීමෙන් එම ප්‍රදේශයේ පිහිටි කුඹුරු අක්කර 20 කට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යට විය.


ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගයට 2025 නොවැම්බර් මස 19 දින නාය යෑම හේතුවෙන් දුම්රිය එන්ජිමකට හානි සිදුවී දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වූ අතර, එනිසා එම ප්‍රදේශයේ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිටීමකට ලක්විය.


ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය සිය 74 වන සංවත්සරය 2025 නොවැම්බර් මස 7 දින සිට 14 දින දක්වා පනාගොඩ, ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සහ මත්තේගොඩ, යුද්ධ හමුදා කඳවුරේදී අභිමානවත් අයුරින් සමරනු ලැබූ අතර, ඒ වෙනුවෙන් උත්සව මාලාවක් පවත්වනු ලැබීය.


ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සිය 13 වන සංවත්සරය 2025 නොවැම්බර් මස 15 වන දින අභිමානවත් අයුරින් සමරනු ලැබූ අතර, ඒ වෙනුවෙන් උත්සව මාලාවක් සංවිධානය කරනු ලැබීය.