ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නව බලකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 17 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩී.කේ.ආර්.එන්. සිල්වා RSP USP psc විසින් 2026 මැයි මස 11 දින එම බලකා මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

නව බලකාධිපතිගේ පැමිණීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් සහ සම්මාන මුරයක් පිරිනමන ලදී. පසුව, දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීම සඳහා බලකායේ නිර්මාතෘ ජෙනරල් දේශමාන්‍ය ඩී.එස්. ආටිගල (දිවංගත) LVO idc psc ගේ ප්‍රතිමාව වෙත පුෂ්පෝපහාර දක්වන ලදී.

අනතුරුව, නව බලකාධිපති විසින් රෙජිමේන්තු කාර්ය මණ්ඩලය ඇමතූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කරන ලදී.

උත්වයේ වැඩකටයුතු සියලු නිල තේ පැන් සංග්‍රහයකින් අවසන් වූ අතර, මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.