59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයේ රාජකාරී අරඹයි

59 වන පාබල සේනාංකයේ 25 වන සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරල් එච්.ඒ.අයි. පෙරේරා RWP RSP USP ndc, 2026 මැයි මස 15 වන දින එම සේනාංක පරිශ්‍රයේදී ධූරයේ රාජකාරින් භාර ගන්නා ලදී.

සේනාංක පරිශ්‍රය වෙත පැමිණි නව සේනාංකාධිපති වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. පසුව, එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සේනාංක පරිශ්‍රයේ පැළයක් රෝපණය කර භටපිරිස් ඇමතූ අතර,අනතුරුව පැවති සියලු නිල තේ පැන් සංග්‍රහය සඳහාද සහභාගී වන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.