18th May 2026
2026 මැයි මස 18 වන දින ඇද හැලුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් ගලහ නගරයට සහ ගලහ රෝහලට ප්රවේශ වීමට තිබූ මාර්ගය දැඩි ලෙස හානී වූ අතර, එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා 6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ගලහ – දෙල්තොටවත්ත ප්රදේශයේ Compact 100 පාලමක් සාර්ථකව සවි කරන ලදී.
පැවති හදිසි තත්ත්වය හමුවේ, රෝහලට සහ අවට නගරයට ප්රවේශ වීමට ඇති මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මැදවල පාලම ගලහ ප්රදේශයට මාරු කිරීමට පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සිදුකරනු ලැබූ යෝජනාවකට අනුව යුද්ධ හමුදා භටපිරිස් විසින් එම පාලම සාර්ථකව සවි කිරීමෙන් පසු, මාර්ගය මහජනතාවගේ ගමනාගමනය සඳහා නැවත විවෘත කෙරිණි.